වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ට ආකර්ෂණීය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කරලීමට විශේෂ මෙහෙයුමක්

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවත්වා ගෙන යනු ලබන වෘත්තීය අධ්‍යාපන ආයතනවල සිසුන්ට ආකර්ෂණිය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ “ශ්‍රම මෙහෙයුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ත්‍රිවිධ හමුදාවේ පූර්ණ සහාය ඇතිව, වෘත්තිය පුහුණු අමත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 311ම ආවරණය වන පරිදි ජුලි 04 වන දා පෙ.ව 8.00ට මෙම වැඩසටහන ආරම්භ කෙරෙනවා.

වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මෙම කරුණු අනාවරණය කෙරුණා.

වසරකට සිසුන් ලක්ෂ 03කට ආසන්න පිරිසක් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින අතර, එයින් 240,000කට පමණ විශ්වවිද්‍යාල වරම් අහිමි වනවා.

එම සිසුන් අතරින්, 125,000ක් පමණ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණ ආයතන වෙත ඇතුළත් වන අතර 50,000ක පමණ පිරිසක් වෙනත් අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතන වෙත යොමු වනු ඇති.

ඒ අනුව, වාර්ෂිකව විශ්වවිද්‍යාල වරම් අහිමි වන 175,000ක් පමණ සිසුන් වෘත්තීය අධ්‍යාපනයට නැඹුරු කිරීම සහ ඔවුන්ට අධ්‍යාපනයට සුදුසු පසුබිමක් හා පහසුකම් සපයා දීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක් ව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩසටහන සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලබන සිසුන් 125,000 සමඟ, අනධ්‍යයන කාර්ය මණ්ඩලවල 10,000ක පමණ පිරිසක් සහ ප්‍රදේශවාසින්ද ඇතුළුව 160,000ක පමණ පිරිසක් එක්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාවට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර යන මහත්වරු ඇතුළු ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරිහුද, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරිහුද, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක්ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32