ඊශ්‍රායලයේ හදවත බඳු මොසාඩ් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ හදවත සේ සැලකෙන මොසාඩ් රහස් ඔත්තු ඒජන්සියට ඉරානයෙන් අද (17) දැවැන්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඉරානය විසින් මොසාඩ් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉරානයේ ප්‍රධාන නගර මෙන්ම ඊශ්‍රායලයේ ටෙල් අවිව් සහ ජෙරුසලම ද ඝෝෂාකාරී පිපිරීම්වලින් දෙදරා ගිය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නවතම ප්‍රහාර එල්ල වූයේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිවිල් වැසියන්ට ටෙහෙරානයෙන් ඉවත් වන ලෙස හදිසි ඉල්ලීමක් නිකුත් කිරීමෙන් පැය කිහිපයකට පසුව බවයි පැවසෙන්නේ.

ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම පස්වන දිනට පිවිසි අතර, දෙපාර්ශ්වයෙන්ම අඛණ්ඩ ප්‍රහාර එල්ල කෙරෙනවා.

ඉරානය ඊශ්‍රායලයට නව ප්‍රහාර රැල්ලක් දියත් කළ අතර, බටහිර ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන් ස්ථාන ඉලක්ක කර ගනිමින් “පුළුල්” ප්‍රහාර දියත් කළ බව ජෙරුසලම පැවසුවා.

ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, රටට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 224 දෙනෙකු මිය ගොස් තවත් 1,200කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මේ අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය පැවසුවේ ඊශ්‍රායලයට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් 592 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
4
+1
2
+1
17
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?