G7 සමුළුවට එක් වී හදිසියේම ආවේ සටන් විරාමවලට නෙවෙයි – ට්‍රම්ප්ගෙන් මැක්‍රෝන්ට උපහාසාත්මක පිළිතුරක්

කැනඩාවේ පැවති G7 සමුළුවෙන් කලින් පිටව ගිය ට්‍රම්ප්, ඉරාන වැසියන්ට වහාම ටෙහෙරානයෙන් ඉවත් වන ලෙස අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායල හා ඉරානය අතර සටන් විරාමයක් ඇති කරලීම සඳහා කටයුතු කිරීම පිණිස තමන් G7 සමුළුවෙන් වේලාසනින් ම පිටත්ව ගිය බවට වන ප්‍රකාශය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

‘ද ගාර්ඩියන්’ පුවත් සේවය සිදු කර ඇති පුවත් වාර්තාකරණයේ දැක්වෙන්නේ, ට්‍රම්ප් එම ප්‍රකාශය පතුරුවන ලද ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ප්‍රචාරණ සහ අවධානය සොයන අයෙකු ලෙස උපහාසයට නතු කර ඇති බවයි.

ප්‍රංශ ජනාධිපතිවරයා කිසිසේත්ම තමන් යළිත් වොෂින්ටනයට පැමිණෙන කාරණය නොදන්නා බව ද ට්‍රම්ප් සඳහන් කරනවා.

එලෙස පැමිණීමට හේතුව ඉරාන – ඊශ්‍රායල සටන් විරාමයකට වඩා විශාල සිදුවීමක් විය හැකි බව ද ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් තැබූ සම්පූර්ණ සටහන වන්නේ;

”ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් වැරදියට පැවසුවේ, මම කැනඩාවේ G7 සමුළුවෙන් ඉවත් වී ඊශ්‍රායලය සහ ඉරානය අතර “සටන් විරාමයක්” සඳහා වැඩ කිරීමට ඩී.සී. වෙත ආපසු යාමට ගිය බවයි. වැරදියි! මම දැන් වොෂින්ටනයට යන්නේ මන්දැයි ඔහුට අදහසක් නෑ., නමුත් එය නිසැකවම සටන් විරාමයක් සමඟ කිසිදු සම්බන්ධයක් ද නැහැ. ඊට වඩා හේතුව බොහෝ විශාලයි. හිතාමතා හෝ නැතත්, එමානුවෙල් සැමවිටම එය වැරදියට තේරුම් ගනී. ” යනුවෙනි.

මූලාශ්‍රය – www.theguardian.com

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58