පදමට මත් වී රාජකාරියට ආ කොස්තාපල් රස්සාවෙන් දොට්ට

මත්පැන් පානය කර උප සේවා රාජකාරි භාරගැනීමට පැමිණි බව කියන පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවීමට හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබෙනවා.

හලාවත පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බවයි වාර්තා වුණේ.

මෙම පොලිස් කොස්තාපල්වරයා ඊයේ (16) පස්වරු 6.00 සිට හලාවත පොලීසියේ උප සේවා රාජකාරී කිරීමට නියමිතව තිබූ බව සඳහන්.

එහිදී සේවයට වාර්තා කර ඇති එම කොස්තාපල්වරයාගේ හැසිරීම සම්බන්ධයෙන් හලාවත සහකාර පොලිස් අධිකාරීවරයාට සැකයක් මතුව තිබෙනවා.

එම සැකය මත ඔහුව හලාවත මහා රෝහලේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා ලෙස සහකාර පොලිස් අධිකාරීවරයා විසින් හලාවත පොලිසියේ වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

එම වෛද්‍ය පරීක්ෂාවෙන් අදාළ පොලිස් කොස්තාපල්වරයා මත්පැන් පානය කර සිටින බව තහවුරු වී ඇති අතර, මත්පැන් පානය කර සේවයට වාර්තා කිරීමේ වරද මත ඔහුගේ සේවය වහාම අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
7
+1
34
+1
4
+1
8
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00