තවත් එයාර් ඉන්දියන් ගුවන් යානයක් තාක්ෂණික දෝෂයක් මත හදිසියේ ගොඩබස්වයි

ඉන්දියාවේ එයාර් ඉන්දියන් ගුවන් සේවයට අයත් තවත් ‍යානයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හදිසි ගොඩබැස්වීමකට ලක් කර තිබෙනවා.

හින්දුස්තාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කළේ බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් AI315 ගුවන් යානය හොංකොං සිට දිල්ලිය බලා පියාසැරි ආරම්භ කර තිබියදී මෙලෙස යළි ගොඩබස්වා ඇති බවයි.

තොරතුරු වාර්තා වන පරිදි අවදානමක් සිදුවීමට පෙර ගුවන් නියමුවා යළි එය ගමන ආරම්භ කළ ගුවන් තොටුපොළ වෙත ම ගොඩබැස්වීමට කටයුතු කර තිබෙනවා.

මීට පෙර, හයිද්‍රාබාද් බලා පිටත් වූ ලුෆ්තන්සා ගුවන් යානයකට බෝම්බ තර්ජනයක් හේතුවෙන් ගොඩබෑමේ අවසරය නොලැබීම නිසා යූ-හැරීමක් කර ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපළට ආපසු යාමට සිදු වූ බවත් වාර්තා වනවා.

LH752 ගුවන් යානය ෆ්‍රැන්ක්ෆර්ට් සිට පිටත් වී අද (16) අලුයම හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමට නියමිතව තිබුණා.

“හයිද්‍රාබාද්හි ගොඩබෑමට අපට අවසර පත්‍රයක් නොලැබුණු අතර, එම නිසා යානය යූ-හැරීමක් ගෙන ආපසු පැමිණියේය,” යනුවෙන් ලුෆ්තන්සා ගුවන් සේවය උපුටා දක්වමින් ANI වාර්තා කළා.

අහමදාබාද්හි සිදු වූ විනාශකාරී බෝයිං787 ඩ්‍රීම්ලයිනර් අනතුරෙන් පසු එයාර් ඉන්දියා ගුවන් සේවයට එරෙහිව මහජන කෝපය ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා.

ගුවන් සේවයේ නඩත්තු සහ නියමු පුහුණු ක්‍රියා පටිපාටිවල සිදු වූ අඩුපාඩු පිළිබඳව මෙහිදී ඉන්දීය ජනතාව ප්‍රශ්න කරන බවයි පැවසෙන්නේ.

ගුවන් අනතුර විමර්ශනය කිරීම සඳහා රජය ඉහළ මට්ටමේ මණ්ඩලයක් පිහිටුවා ඇති අතර, සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් (DGCA), ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ (AAIB) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්වාධීන ගුවන් සේවා ආරක්ෂණ විශේෂඥයින්ගෙන් සමන්විත විමර්ශන කමිටුව, සිද්ධියට හේතු විය හැකි තාක්ෂණික දෝෂ, නඩත්තු වාර්තා සහ කාර්ය මණ්ඩල ක්‍රියාමාර්ග සොයා බලනු ඇති.

ජුනි 12 වන දින, අහමදාබාද් සිට ලන්ඩන් දක්වා ක්‍රියාත්මක වූ බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානයක් වන එයාර් ඉන්දියා 171 ගුවන් යානය සර්දාර් වල්ලභ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන්ගත වීමෙන් ටික වේලාවකට පසු බීජී වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරය මතට කඩා වැටුණේ ජීවිත 290කට අධික සංඛ්‍යාවකට මරු කැඳවමින්.

මූලාශ්‍රය – www.hindustantimes.com



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46