ගෝලීය අභියෝග මධ්‍යයේත් චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්

ඇමරිකාවේ තීරු බදු ඇතුළු ගෝලීය අභියෝග රැසක් මධ්‍යයේ වුව ද, චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක් සමඟින් එහි මනා ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බව වාර්තා වනවා.

චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද (16) පැවති මාධ්‍ය හමුවක දී මේ බව දැනුවත් කළේ, පසුගිය මැයි මාසය තුළ එරට ජාතික ආර්ථික මෙහෙයවීමේ තත්ත්වය පිළිබඳ වාර්තා කරමින්.

වඩාත් සක්‍රිය සාර්ව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමත් සමඟ ගෙවුණු මැයි මාසය තුළ ද චීන ආර්ථික මෙයෙවීම ස්ථාවර තත්ත්වයක පැවති බවයි එහිදී අනාවරණ කෙරුණේ.

නිෂ්පාදන අවශ්‍යතාවන් ස්ථිර ලෙස වර්ධනය වී රැකියා නියුක්තිය සමස්තයක් ලෙසි ස්ථාවර තත්ත්වයක පැවති බව ද චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු නිලධාරීන් එහිදී සඳහන් කළා.

එමෙන්ම ආර්ථිකයේ නව ශක්තිය ප්‍රවර්ධනය කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය යහපත් මෙන්ම නවෝත්පාදන දිශානතිය කරා වර්ධනය වෙමින් පවතින බවයි ඔවුන් පවසන්නේ.

අදාළ දත්තයන්ට අනුව, කර්මාන්ත නිෂ්පාදනය ස්ථීර ලෙස වර්ධනය වීමක් දක්නට ඇති බවත්, ඉන් යන්ත්‍රෝපකරණ නිෂ්පාදන කර්මාන්තය හා අධි තාක්ෂණ කර්මාන්තයේ වර්ධනය කැපී පෙනෙන්නක් බවත් සඳහන්ව තිබෙනවා.

ප්‍රධාන ව්‍යවසායන්හි කර්මාන්ත නිෂ්පාදන වටිනාකම් වර්ධනය, පසුගිය වසරේ මැයි මාසයට වඩා මෙවර මැයි මාසයේ සියයට 5.8ක වැඩි වීමක් පෙන්නුම් කර ඇති අතර, එය අ‍ප්‍රේල් මාසයට වඩා සියයට 0.61 කින් වර්ධනයවීමක් බවයි චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම ගතවූ මැයි මාසයේ දී, චීන ජාතික සේවා කර්මාන්ත නිෂ්පාදන දර්ශකය ද පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සියයට 6.2% කින් ඉහළ ගොස් තිබෙනවා.

තවද, චීන වෙළඳපොළ අලෙවිය තුළ සැලකිය යුතු ලෙස සාධනීය වෙනසක් සිදුවෙමින් පවතින බවත්, පැරණි භාණ්ඩ වෙනුවට නව භාණ්ඩ මිලදී ගැනීමේදී ක්‍රියාත්මක අනුග්‍රාහී ප්‍රතිපත්ති හා සම්බන්ධ අලෙවිය ද සීග්‍රයෙන් වර්ධනය වී ඇති බවත් වාර්තා වනවා.

මේ සියලු යහපත් තත්ත්වයන් සමඟින් ගෙවුණු මැයි මාසය තුළ ස්ථාවර වත්කම් ආයෝජනය අඛණ්ඩව පුළුල් වී නිෂ්පාදන ආයෝජනයේ ද වේගවත් වර්ධනයක් දක්නට ඇති බවයි චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14