හරකාගේ ලණුවේ පැටලුණු පුංචි ඉමාෂ් රෝහලේ දී අවසන් ගමන් යයි

ගවයෙකු බැඳ තිබූ ලණුවක පැටලී පාසල් දරුවෙක් අවාසනාවන්ත ලෙස මියයාමේ පුවතක් අනුරාධපුර, විහාරපාළුගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 09ක පාසල් දරුවෙක් බවයි වාර්තා වුණේ.

ඉමාෂ් දෙවිඳු නැමැති මෙම දරුවා පෙරේදා (13) පස්වරුවේ තවත් මිතුරන් කිහිපදෙනෙක් සමඟ අසල්වැසි නිවසක ඇති කළ ගවයෙකු සමඟ සෙල්ලම් කරමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේ දී ගවයා කුලප්පු වී මාර්ගයේ දිවගොස් ඇති අතර, එහිදී ගවයාගේ ගෙළෙහි ගැට ගසා තිබූ ලණුව දරුවාගේ ශරීරයේ පැටලී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස ලණුවේ පැටලුණු දරුවා මීටර් 900ක් පමණ දුරක් ගවයා මාර්ගයේ ඇදගෙන ගොස් ඇති අතර, එහිදී දරුවාට බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

බරපතළ තුවාල ලැබූ දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

මෙහිදී දරුවාගේ මොළයට බරපතළ හානි සිදුව ඇති බවට නිරීක්ෂණය කළ වෛද්‍යවරුන් දරුවා සැත්කමකට භාජනය කිරීමටයි කටයුතු කර ඇත්තේ.

බරපතළ තත්ත්වයේ සිටි දරුවා සැත්කමකට භාජනය කරමින් සිටියදී ඊයේ පස්වරුවේ මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
1
+1
40
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?