තුර්කියෙන් ආ නැව බලන්න වැඩබලන ආරක්ෂක ඇමති ගිහින් (ඡායාරූප)

වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර ඊයේ (13) ශ්රිඔ ලංකාවට පැමිණ තිබෙන තුර්කි නාවික හමුදාවට අයත් ‘TCG Büyükada (F-512)’ නෞකාවේ නිල සංචාරයක නිරත වුණා.

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති සෙමි ලුට්ෆු ටර්ගු සහ නෞකාවේ අණදෙන නිලධාරී ලුතිනන් කමාන්ඩර් අනුල් බිල්ගින් විසින් නෞකාවට පැමිණි වැඩබලන අමාත්‍යවරයාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

උත්සවයේ පිළිගැනීමේ කතාව පවත්වමින් තුර්කි තානාපතිවරයා කලාපීය ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම පැසසුමට ලක් කළ අතර, දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම ද අවධාරණය කළා.

එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා, තුර්කි නෞකාව ශ්‍රී ලංකාව වෙත පැමිණීමත් සමග දෙරට අතර පවතින ශක්තිමත් ආරක්‍ෂක සහයෝගීතාවය සහ මිත්‍රත්වය සංකේතවත් වන බවත් ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින ආරක්‍ෂක හවුල් කාරිත්වය යළි තහවුරු කෙරෙන බවත් අවධාරණය කර සිටියා.

මීට සමගාමිව ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා වන උපාය මාර්ග කෙරෙහි අවධානය යොමු කරමින්, තුර්කි තානාපතිවරයා, ආරක්‍ෂක උපදේශකවරයා සහ නෞකාවේ අණදෙන නිලධාරී සමඟ වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයාගේ කාර්යාලයේදී ඵලදායි හමුවක් පැවැත්වූ බව ද මෙහිදී අනාවරණය කළා.

තවදුරටත් අදහස් දැක්වූ වැඩබලන අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ නාවික ශක්තිය නවීකරණය කිරීමේදී තුර්කි රජය විසින් දක්වන අඛණ්ඩ සහයෝගය අගය කළ අතර, නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා දෙරටේම පොදු දැක්ම නැවත අවධාරණය කර සිටියා.

ගෝලීය වශයෙන් තරඟකාරී කර්මාන්තයක් වන ආරක්‍ෂක ක්ෂේත්‍රය තුළ නවෝත්පාදන සඳහා තුර්කි ජනරජය ප්‍රසිද්ධියක් උසුලන බවත් ආරක්‍ෂක තාක්ෂණය හා සැලකීමේදී විශේෂයෙන් සමුද්‍රීය හා ගුවන් අංශවල පුරෝගාමියෙකු ලෙස තුර්කියේ භූමිකාව පිළිබඳවත් අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පළ කළා.

ඉන් අනතුරුව වැඩබලන අමාත්‍යවරයා නෞකාවේ අණදෙන නිලධාරි සමඟින් එහි නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23