චීන කොමියුනිස්ට් පක්ෂයේ ගුයිජෝ ප්‍රාන්ත කමිටුවේ ප්‍රධාන ලේකම් සහ ටිල්වින් සිල්වා අතර හමුවක්

කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත චීනයේ සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිස, චීන කොමියුනිස්ට් පක්ෂයේ ගුයිජෝ ප්‍රාන්ත කමිටුවේ ප්‍රධාන ලේකම් ක්ෂියු ලින් හමු වී සකච්ඡා පවත්වා තිබෙනවා.

පසුගිය 12 වනදා මෙම හමුව සිදුවූ අතර, එහිදී ප්‍රධාන ලේකම් ක්ෂියු ලින් විසින් ඉතා උණුසුම් ලෙස ටිල්වින් සිල්වා මහතා ඇතුළු පිරිස පිළිගනු ලැබුවා.

ගුයිජෝ ප්‍රාන්තයේ පිහිටි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙිදී මෙම සාකච්ඡා පැවැත් වුණා.

මෙම හමුවේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය ලද ජයග්‍රහණය වෙනුවෙන් සුභ පැතුම් එක්ක කළ චීන කොමියුනිස්ට් පක්ෂයේ ගුයිජෝ ප්‍රාන්ත කමිටුවේ ප්‍රධාන ලේකම් ක්ෂියු ලින්, මෙම හමුව තුළින් ජනතා විමුක්ති පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් වන බව සඳහන් කළා.

එමෙන්ම මෙම සංචාරයේදී අත්දැකිම් විශාල ප්‍රමාණයක් එක්කර ගැනිමට හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඒහිදී ඔහු සඳහන් කර සිටියා.

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් අද වනවිට චීනය ලොව දැවැන්තම ආර්ථිකයක් හිමි රටක් බවට ඔසවා තබා ඇති බවත්, එය චීන ජනතාව ලද ජයග්‍රාණයක් බවත්, ඒ් වෙනුවෙන් ෂී ජින් පින් ජනධිපතිවරයා ඇතුළු නායකයින් විශාල කාර්ය භාර්යයක් ඉටු කොට ඇති බවත් මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37