රක්ෂිත බන්ධනාගාරගත කර සිට අද යළිත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ අනුව සැකකරුව ජුනි මස 20 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.
———————————————————————————
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අද (13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.
ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ පවතින නඩුවකට අදාළව පසුගිය 30 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද ඔහු අද යළි කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ආවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
3
+1
+1
+1
+1















