මෙම වසරේ සිදු කළ ජාතික සත්ත්ව සංගණනයේ දී වාර්තා වූ ආහාර බෝගවගාවලට හානි කරන සතුන්ගේ ලේඛනයක් අද (12) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරුණා.
ඒ අනුව මෙරට තුළ විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් රිලවු මිලියන 5.71ක්, වඳුරන් මිලියන 1.74ක්, දඬු ලේනුන් මිලියන 2.26ක් සහ මොනරුන් මිලියන 4.24ක් සිටින බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.













