ගාසා තීරයට ආධාර රැගෙන ගිය නැවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට

ගාසා තීරයට ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදාව සිය ග්‍රහණයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ෆ්‍රීඩම් ෆ්ලෝටිලා නැමැති සන්ධානය ටෙලිග්‍රෑම් සටහනක පවසා ඇත්තේ, මැඩ්ලීන් නෞකාව සමඟ සම්බන්ධතාවය නැති වී ගිය බවයි.

මෙලෙස ආධාර රැගෙන ගිය මැඩ්ලීන් නෞකාවේ දේශගුණික ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග්, ගේම් ඔෆ් ත්‍රෝන්ස් නළු ලියම් කනිංහැම්, යුරෝපීය පාර්ලිමේන්තුවේ ප්‍රංශ මන්ත්‍රීවරියක වන රීමා හසන් මැඩ්ලී ඇතුළු පිරිසක් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊශ්‍රායල හමුදා නැවට ගොඩ වූ බවට තහවුරු කිරීම වෙනුවෙන් ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය එක්ස් සටහනක් තබමින් පැවසුවේ යාත්‍රාව ආරක්ෂිතව ඊශ්‍රායල වෙරළට ගමන් කරමින් සිටින බවයි.

එමෙන්ම ඔවුන්ගේ මව් රටවලට ආපසු යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය තැබූ එක්ස් සටහනේ වදිදුරටත් සඳහන්.

මේ අතර අද අලුයම ෆ්‍රීඩම් ෆ්ලෝටිලා සන්ධාන කණ්ඩායම ටෙලිග්‍රෑම් හි ඡායාරූපයක් පළ කළ අතර, එහි නැවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ජීවිතාරක්ෂක ජැකට් පැළඳ බෝට්ටුවක් තුළ වාඩි වී සිටින ආකාරය සහ ඔවුන්ගේ දෑත් ඉහලට ඔසවාගෙන සිටින ආකාරය දැක්වෙනවා.

කෙසේ වෙතත් එම ඡායාරූපයේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා සොල්දාදුවන් කිසිවෙකු දැකගැනීමට නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32