ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසනවා.
එමෙන්ම තව දුරටත් ලේඛන පරීක්ෂා කරමින් කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් ප්‍රකාශ සටහන් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර යන සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් පොහොය දිනයේ නිදහස් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන වල දී අනාවරණය වී ඇති බවයි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
එමෙන්ම මීට පෙරද මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන් ද නිදහස් කර ඇති බවට තොරතුරු හෙළිවෙමින් පවතින බව අදාළ නිවේදනයේ සඳහන්.






