හදිසියේ ඉන්දුනීසියාවට ගොඩබැස්සූ ශ්‍රී ලන්කන් යානය කටුනායකට රැගෙන එයි

කාර්මික දෝෂයකට ලක්ව පසුගිය දා ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන් තොටුපොළ වෙත හදිසියේ ගොඩ බැස්සූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානය අද (08) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබෙනවා.

එයාර් බස් A- 320 වර්ගයේ මෙම ගුවන් යානය මගීන් 93 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනෙකු ද සමඟ කටුනායක සිට සිංගප්පූරුව බලා පසුගිය 05 වනදා අලුයම 01.45ට පිටත්ව ගොස් තිබුණා.

එම ගුවන් ගමන අතරතුර ඉන්දුනීසියානු ගුවන් අවකාශය තුළ දී යානය හදිසි කාර්මික දෝෂයකට ලක්ව මෙඩාන් ගුවන් තොටුපොළ වෙත හදිසියේ ගොඩ බැස්සවීමක් සිදුකළා.

මෙම ගුවන් යානය එම ගුවන් තොටුපොළ තුළ අලුත්වැඩියා කර ගැනීමට පහසුකම් නොතිබීම හේතුවෙන් ඊට පසුදින (06) පස්වරුවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරුවන් පිරිසක් අවශ්‍ය අමතර කොටස් ද රැගෙන විශේෂ ගුවන් යානයකින් මෙඩාන් ගුවන් තොටුපොළ බලා පිටත්ව ගියා.

එම ඉංජිනේරුවන් පිරිස මෙම ගුවන් යානය අලුත්වැඩියා කිරීමෙන් පසු අද (06) උදෑසන 07.55 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරණ ගුවන් යානය වශයෙන් , මෙඩාන් ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත යළි පැමිණ තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51
Video thumbnail
"අපි හැමෝම අතින් සුළු සුළු වැරදි වෙනවා" ඥානසාර හිමිට නිදහස පතා අත්සන් දස ලක්ෂයේ වැඩසටහන කළුතරදී
01:43
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ හිමිවරුන් - සමහර රජයන්ට ස්වාමීන්වහන්සේලා හරිම අප්‍රියයි
06:19