අයි.සී.සී මැයි මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය මුහම්මද් වසීම්ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මැයි මාසයේ ක්‍රීඩකයා ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ නායක මුහම්මද් වසීම් තෝරාගෙන තිබෙනවා.

මුහම්මද් වසීම් මෙම සම්මානය දිනාගත් දෙවන අවස්ථාව මෙය වන අතර, 2024 අප්‍රේල් මාසයේදීත් ඔහු මෙම සම්මානය දිනාගත්තා.

බංග්ලාදේශයට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලියේ දී දැක් වූ දක්ෂතා සැළකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මුහම්මද් වසීම්ව මෙම සම්මානය සඳහා තෝරාගෙන තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති එම විස්සයි විස්ස තරගාවලියේ දී තරග දෙකට එකක් ලෙස එක්සත් අරාබි එමීර් කණ්ඩායම ජයග්‍රහණය කළා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මැයි මසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය වෙනුවෙන් ස්කොට්ලන්තයේ බ්‍රැන්ඩන් මැක්මුලන් සහ අමෙරිකා එක්සත් ජනපදයේ මිලින්ද කුමාර් ද නිර්දේශ වී තිබුණා.

මේ අතර දකුණු අප්‍රිකානු තුන්ඉරියව් ක්‍රීඩිකා ක්ලෝයි ට්‍රයන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මැයි මාසයේ ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිකර ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37