පන්සීයේ නෝට්ටුව ගැන පැතිර යන පුවතෙන් ඉන්දීය ජනතාව අතර ව්‍යාකූලත්වයක්

2026 වසරේ මාර්තු මාසයේ සිට රුපියල් 500 මුදල් නෝට්ටු භාවිතය නතර කිරීමට නියමිත බවට වූ පුවතක් හේතුවෙන් ඉන්දීය ජනතාව අතර ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබෙනවා.

‘කැපිටල් ටීවී’ නම් යූ ටියුබ් නාලිකාවක් විසින් පළ කරන ලද වීඩියෝවක සඳහන් කර ඇත්තේ රුපියල් 500 මුදල් නෝට්ටු භාවිතය ලබන වසරේ මාර්තු මාසයේ සිට ක්‍රමයෙන් නතර කිරීමට රජය කටයුතු කරන බවයි.

මිනිත්තු 12 කට ආසන්න කාලයකින් යුත් මෙම වීඩියෝව ලක්ෂ ගණනක පිරිසක් නරඹා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම පුවතත් සමඟ එරට මහජනයා තුළ ඇතිවූ තත්ත්වයත් සමඟ ඉන්දීය රජයේ නිල කරුණු පරීක්ෂා කිරීමේ ආයතනය වන මාධ්‍ය තොරතුරු කාර්යාංශය විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එම කාර්යාංශය එක්ස් හි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ රුපියල් 500 නෝට්ටු අත්හිටුවීමේ පියවරක් ගෙන නොමැති බවයි.

තවමත් ඒවා නීත්‍යානුකූල තත්ත්වය පවතින බවත්, ව්‍යාජ තොරතුරු වලට හසු නොවන ලෙසත් පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.

2016 නොවැම්බර් 08 වන දින අගමැති නරේන්ද්‍ර මෝදි, රටේ දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ ව්‍යාජ මුදල් නෝට්ටු ගැටළුව විසඳීමට පියවරක් ලෙස පෙර පැවති රුපියල් 500 නෝට්ටු අවලංගු කර මේ වනවිට භාවිත කරන රුපියල් 500 මුදල් නෝට්ටුව හඳුන්වා දෙනු ලැබුවා.

1 1

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11
Video thumbnail
දේශබන්දුට විරුද්ධව දාපු නඩුව නීතියට පටහැනියි - මහාධිකරණය තීන්දු කරයි
02:55
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43


?