පන්සීයේ නෝට්ටුව ගැන පැතිර යන පුවතෙන් ඉන්දීය ජනතාව අතර ව්‍යාකූලත්වයක්

2026 වසරේ මාර්තු මාසයේ සිට රුපියල් 500 මුදල් නෝට්ටු භාවිතය නතර කිරීමට නියමිත බවට වූ පුවතක් හේතුවෙන් ඉන්දීය ජනතාව අතර ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබෙනවා.

‘කැපිටල් ටීවී’ නම් යූ ටියුබ් නාලිකාවක් විසින් පළ කරන ලද වීඩියෝවක සඳහන් කර ඇත්තේ රුපියල් 500 මුදල් නෝට්ටු භාවිතය ලබන වසරේ මාර්තු මාසයේ සිට ක්‍රමයෙන් නතර කිරීමට රජය කටයුතු කරන බවයි.

මිනිත්තු 12 කට ආසන්න කාලයකින් යුත් මෙම වීඩියෝව ලක්ෂ ගණනක පිරිසක් නරඹා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම පුවතත් සමඟ එරට මහජනයා තුළ ඇතිවූ තත්ත්වයත් සමඟ ඉන්දීය රජයේ නිල කරුණු පරීක්ෂා කිරීමේ ආයතනය වන මාධ්‍ය තොරතුරු කාර්යාංශය විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එම කාර්යාංශය එක්ස් හි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ රුපියල් 500 නෝට්ටු අත්හිටුවීමේ පියවරක් ගෙන නොමැති බවයි.

තවමත් ඒවා නීත්‍යානුකූල තත්ත්වය පවතින බවත්, ව්‍යාජ තොරතුරු වලට හසු නොවන ලෙසත් පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.

2016 නොවැම්බර් 08 වන දින අගමැති නරේන්ද්‍ර මෝදි, රටේ දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ ව්‍යාජ මුදල් නෝට්ටු ගැටළුව විසඳීමට පියවරක් ලෙස පෙර පැවති රුපියල් 500 නෝට්ටු අවලංගු කර මේ වනවිට භාවිත කරන රුපියල් 500 මුදල් නෝට්ටුව හඳුන්වා දෙනු ලැබුවා.

1 1



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23