ශ්‍රී ලංකන් ගුවන් යානයක් ගුවනේ දී කාර්මික දෝෂයකට ලක් වෙයි – මෙඩාන් ප්‍රතික්ෂේප කළ ඉල්ලීම

සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපොළෙන් ඊයේ (05) දින අලුයම 01.45 ට පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 306 දරන ගුවන් යානය ඉන්දුනීසියා ගුවන් අවකාශය තුළ දී හදිසි කාර්මික දෝෂයකට ලක් වීම නිසා එරට මෙඩාන් ( Medan ) ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසුවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඒ.- 320 එයාර් බස් ගුවන් යානය, ගුවන් මගීන් 93 ක් සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු රැගෙන සිංගප්පූරුව බලා පිටත්ව යන අතරතුර දී මෙසේ කාර්මික දෝෂයකට ලක් ව තිබුණා.

එහිදී මෙඩාන් ගුවන් තොටුපොළ ගුවන් යානා ඉංජිනේරුවරුන්ගෙන් මෙම ගුවන් යානය අලුත්වැඩියා කර ගැනීමට විමසීමක් සිදු කර තිබූ අතර, එහිදී මේ සඳහා විශාල කාලයක් තමන්ට වැය වන බව පවසා, අලුත්වැඩියා කිරීම ප්‍රතික්ෂේප කෙරුණා.

ඉන් අනතුරුව මෙම ගුවන් යානයෙන් මගීන් බස්සවා, ගුවන් තොටුපොළ අවට හෝටල් වෙත යොමු කිරීමට මෙඩාන් ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අවසර ලබා දීම ද ප්‍රතික්ෂේප කර ඇති බවයි අප ගුවන්තොටුපොළ ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම මෙම ගුවන් මගීන් පිරිස වෙනත් ගුවන් යානයක්, මෙඩාන් ගුවන් තොටුපොළ වෙත යොමු කර මගීන් පිරිස සිංගප්පූරුව වෙත රැගෙන යාමට , එම ගුවන් තොටුපොළ බලධාරීන් අවසර ලබා දීම ද ප්‍රතික්ෂේප කෙරුණා.

මෙවන් පසුබිමක් යටතේ ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ඉන්දුනීසියා රජය සමග රාජතාන්ත්‍රික වශයෙන් සාකච්ඡා කර, මෙම ගුවන් මගීන් පිරිස, මෙඩාන් ගුවන් තොටුපොළ අසළ හෝටල් වෙත යොමු කිරීමට පියවර ගත්තා.

මේ වනවිට (ජුනි 06) දින පස්වරු 01.45 ට තවත් විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයක්, කාර්මික දෝෂයකට ලක් වී ඇති ගුවන් යානය අලුත්වැඩියා කිරීමට අවශ්‍ය අමතර කොටස් රැගෙන ගුවන් යානා ඉංජිනේරුවරුන් පිරිසක් ද සමග මෙඩාන් ගුවන් තොටුපොළ බලා පිටත්ව යාමට නියමිතයි.

මෙම නව ගුවන් යානය මගින් දැනට මෙඩාන් ගුවන් තොටුපොළ අසළ හෝටල් තුළ රැඳී සිටින ගුවන් මගීන් පිරිස ද සිංගප්පූරුව වෙත රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18