ශ්‍රී ලංකන් ගුවන් යානයක් ගුවනේ දී කාර්මික දෝෂයකට ලක් වෙයි – මෙඩාන් ප්‍රතික්ෂේප කළ ඉල්ලීම

සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපොළෙන් ඊයේ (05) දින අලුයම 01.45 ට පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 306 දරන ගුවන් යානය ඉන්දුනීසියා ගුවන් අවකාශය තුළ දී හදිසි කාර්මික දෝෂයකට ලක් වීම නිසා එරට මෙඩාන් ( Medan ) ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසුවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඒ.- 320 එයාර් බස් ගුවන් යානය, ගුවන් මගීන් 93 ක් සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු රැගෙන සිංගප්පූරුව බලා පිටත්ව යන අතරතුර දී මෙසේ කාර්මික දෝෂයකට ලක් ව තිබුණා.

එහිදී මෙඩාන් ගුවන් තොටුපොළ ගුවන් යානා ඉංජිනේරුවරුන්ගෙන් මෙම ගුවන් යානය අලුත්වැඩියා කර ගැනීමට විමසීමක් සිදු කර තිබූ අතර, එහිදී මේ සඳහා විශාල කාලයක් තමන්ට වැය වන බව පවසා, අලුත්වැඩියා කිරීම ප්‍රතික්ෂේප කෙරුණා.

ඉන් අනතුරුව මෙම ගුවන් යානයෙන් මගීන් බස්සවා, ගුවන් තොටුපොළ අවට හෝටල් වෙත යොමු කිරීමට මෙඩාන් ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අවසර ලබා දීම ද ප්‍රතික්ෂේප කර ඇති බවයි අප ගුවන්තොටුපොළ ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම මෙම ගුවන් මගීන් පිරිස වෙනත් ගුවන් යානයක්, මෙඩාන් ගුවන් තොටුපොළ වෙත යොමු කර මගීන් පිරිස සිංගප්පූරුව වෙත රැගෙන යාමට , එම ගුවන් තොටුපොළ බලධාරීන් අවසර ලබා දීම ද ප්‍රතික්ෂේප කෙරුණා.

මෙවන් පසුබිමක් යටතේ ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ඉන්දුනීසියා රජය සමග රාජතාන්ත්‍රික වශයෙන් සාකච්ඡා කර, මෙම ගුවන් මගීන් පිරිස, මෙඩාන් ගුවන් තොටුපොළ අසළ හෝටල් වෙත යොමු කිරීමට පියවර ගත්තා.

මේ වනවිට (ජුනි 06) දින පස්වරු 01.45 ට තවත් විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයක්, කාර්මික දෝෂයකට ලක් වී ඇති ගුවන් යානය අලුත්වැඩියා කිරීමට අවශ්‍ය අමතර කොටස් රැගෙන ගුවන් යානා ඉංජිනේරුවරුන් පිරිසක් ද සමග මෙඩාන් ගුවන් තොටුපොළ බලා පිටත්ව යාමට නියමිතයි.

මෙම නව ගුවන් යානය මගින් දැනට මෙඩාන් ගුවන් තොටුපොළ අසළ හෝටල් තුළ රැඳී සිටින ගුවන් මගීන් පිරිස ද සිංගප්පූරුව වෙත රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
17
+1
3
+1
0
+1
6
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?