ඩෙංගු රෝගය බෝ කරන මදුරුවන් ම චිකුන්ගුන්‍යා පතුරුවන නිසා වැඩි සැලකිල්ලෙන් ඉන්න – වෛද්‍ය අංශ (වීඩියෝ)

ඩෙංගු රෝගය බෝ කරන මදුරුවන් විශේෂය විසින් ම මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන චිකුන්ගුන්‍යා රෝගය ද පතුරුවන බව ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ වැඩබලන විශේෂඥ වෛද්‍ය අරුණි හතමුණ මහත්මිය පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ, ඊඩිස් ඇල්බොෆික්ටස් සහ ඊඩිස් ඊජිප්ටයි නමැති ඩෙංගු රෝගය පතුරුවන කාරකයින් විසින් ම චිකුන්ගුන්‍යා රෝගය ද පතුරුවන බැවින් වැඩි සැලකිල්ලක් රෝගය පිළිබඳ ව මහජනතාව දැක්විය යුතු බවයි.

රෝගයෙන් ආරක්ෂා වීමට අවට පරිසරය පිරිසිදු ව තබා ගැනීම, මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාකාරකම් සිදු කිරීම ආදි පියවර අනුගමනය කිරීම වැදගත් බව ද ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අරුණි හතමුණ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?