රුපියල් ලක්ෂ 50ක හෙරොයින් එක්ක සලිඳුගේ ගෝලයෙකු අත්අඩංගුවට (වීඩියෝ)

විදෙස්ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වන පානදුර සළිඳු නමැත්තාගේ ගෝලයෙකු රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකම ඇති හෙරොයින් ග්‍රෑම් 513ක් සමඟ කළුතර කොට්ඨාස අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, පානදුර හා අවට ප්‍රදේශ රැසක්ම ඉලක්ක කර ගනිමින් විදෙස්ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙවන පානදුර සළිඳු නමැත්තාගේ ගෝලයෙකු කළුතර රජවත්ත ප්‍රදේශයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරුණා.

මෙම ජාවාරමට භාවිත කරන ලද නවීන පන්නයේ ජංගම දූරකථනයක් ද සොයා ගැනුණා.

සැකකරු විසින් තොග වශයෙන් මෙම හෙරොයින් ජාවාරම රජවත්ත ප්‍රදේශයේ සැඟව සිට බෙදා හරින බවත් ඔහු විසින් මතුගම, කළුතර ,පානදුර, අලුත්ගම ,බේරුවල ආදී ප්‍රදේශ රැසකටම මෙම ජාවාරම සිදු කරන බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරුට එරෙහිව රත්මලාන ප්‍රදේශයේදී පුද්ගලයකු ඝාතනය කිරීම, නීතිවිරෝධී වාහන ළඟ තබා ගැනීම්, වැලිපැන්න ප්‍රදේශයේ දී පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසකට පැන එහි දේපළවලට හානි කිරීම් සහ බිය වැද්දීම් සම්බන්ධයෙන් ද ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් ද බරපතළ චෝදනා තිබෙන බවත් සිදු කළ මූලික පරීක්ෂණවල දී හෙළි ව තිබෙනවා.

සැකකරු පානදුර – අරුග්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක් වන සල්ගමුවහේවගේ මධුර දමිත් තිවංක නමැති පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා විසින් ජාවාරමට තවත් කාන්තාවක් සමඟ සම්බන්ධ කරගෙන ඇති බවත්, එම කාන්තාව ද දැනට දින දෙකකට පමණ පෙර කළුතර පුරහල අසල රැඳී සිටියදී කළුතර කොට්ටාස අපරාධ අංශය විසින්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සැකකරු අද (06) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28