අමෙරිකාවේ ඉගෙනීමට එන විදෙස් සිසුන්ගේ සමාජ මාධ්‍ය හැසිරීම් මත වීසා දෙන ට්‍රම්ප් පරිපාලනය

එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන සියලුම විදේශ සිසුන් සඳහා වීසා අනුමත කිරීමට පෙර ඔවුන්ගේ සමාජ මාධ්‍ය හැසිරීම් පිළිබඳ ව පරීක්ෂා කිරීම අනිවාර්යය කිරීමට ට්‍රම්ප් පරිපාලනය සැලසුම් සකස් කර තිබෙනවා.

මේ හේතුවෙන් ඉන්දියානු සිසුන් එකී තීන්දුව සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

”සමාජ මාධ්‍ය පරීක්ෂාව” යනු එක්සත් ජනපදයට ඇතුළුවීමට ඔවුන්ගේ යෝග්‍යතාව තක්සේරු කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් වීසා අයදුම්පත් පාඨමාලාවට ඇතුළත් කර ඇති ක්‍රියාවලියක්.

මෙම පරීක්ෂාව සිදු කිරීමේ දී භාජනය වන සමාජ මාධ්‍ය වන්නේ Facebook, X, LinkedIn සහ TikTok යනාදියයි.

ඉන්දියාව තුළ එක්සත් ජනපදයට වීසා සම්මුඛ පරීක්ෂණ එළැඹෙන්නට පෙර, එරට සිසුන් තමන් ඊට ප්‍රථම ව දේශපාලන විහිළු, අදහස් සහ ක්‍රියාකාරීත්වය වැරදි ලෙස අර්ථකථනය කළ හැකි බවට බියෙන් එම සටහන් මකා දමමින් පමණක් නොව, ඇතැමුන් ෆේස්බුක් ආදී ගිණුම්වලින් සම්පූර්ණයෙන් ම ඉවත් වීමට ද කටයුතු කර තිබෙනවා.

මේ අතර හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පාඨමාලා සඳහා විදේශීය සිසුන් බඳවා ගැනීම අත් හිටුවමින් කළ නියෝගය ඇතුළත් ප්‍රකාශයට ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් දැනට සිටින සිසුන්ගේ ද ට්‍රම්ප් පරිපාලනයේ නිර්ණායක අනුව යමින්, වීසා අවලංගු කිරීමේ සූදානමක් ගැන ද ධවල මන්දිරයේ සාකච්ඡා පවතින බවයි.

පෙර වසරවල හාවර්ඩ් විශ්වවිද්‍යාලය තුළ අපරාධ ඉහළ සංඛ්‍යාවක් වාර්තා වීම මත ට්‍රම්ප් පරිපාලනය මෙම තීන්දුව ගෙන ඇති අතර, එය මාස 06ක කාලයක් සඳහා වලංගු වනු ඇති.

මූලාශ්‍ර – NDTV, BBC,CNN



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46