නව කොව්ඩි වෛරස් ප්‍රභේදයක් ඇත්නම් එය රටට ඇතුල්වීම වළක්වා ගැනීම වැදගත් – GMOA (වීඩියෝ)

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද රට තුළට ඇතුල් වීම වළක්වාලීමට නම්, පෙර පරිදි ගුවන්තොටුපොළ සහ වරායන් ආශ්‍රිත ව පවතින සෞඛ්‍ය ආවේක්ෂණ ක්‍රියාවලිය නැවතත් ශක්තිමත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසනවා.

ආසියානු කලාපයේ සහ අසල්වැසි ඉන්දියාව තුළ මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන බවට පැවසෙන කොවිඩ් වෛරසය ගැන මෙරට ජනතාව අනියත බියක් ඇති නොකරගත යුතු බවයි GMOA මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පසුගිය වසරවල පැවති කොවිඩ් වෛරසය ම මෙලෙස වාර්තා වන බවත්, ශ්‍රී ලංකාව අවධානයෙන් සිටිය යුත්තේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් රට තුළ ව්‍යාප්ත වනවා නම් බව ද හෙතෙම පැවසුවා.

කෙසේවෙතත් ජනතාව සෞඛ්‍ය පුරුදු පිළිපැඳීම කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට හේතු වන බව ද චමිල් විජේසිංහ මහතා කියා සිටියා.

එමෙන්ම රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් අවදානම් සමාජ කණ්ඩායම් (දරුවන්, ගර්භණී කාන්තාවන්, දිගු කාලීනව රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නා පිරිස්, වයස්ගත පිරිස) වෛරස් තත්ත්වයන් ගැන සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන උපදෙස් පිළිපැදීම අනිවාර්‍යය බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22
Video thumbnail
24 වෙනිදා රටම හොල්ලන සජබයේ උද්ඝෝෂණය ගැන ප්‍රබලයෙක් හෙළිකරයි
04:50