“එදා ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මම ඉදිරිපත් කළ තොරතුරු වැරදියි” – දයාසිරි ප්‍රසිද්ධියේ සමාව ගනී

උතුරු මැද පළාත් සභාව විසින් වෙන්දේසි කරන ලද වාහනවල ගණන් හිලව් පිළිබඳව, පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තමා ඉදිරිපත් කළ තොරතුරු වැරදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඒ, වෙනුවෙන් තමා කණගාටුව පළකර සිටින බවයි අද (03) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු සඳහන් කළේ.

පුවත්පත්වල වාර්තා වී ථිබු තොරතුරු සහ උතුරු මැද පළාතේ ඇතැම් පිරිස් තමාට දුරකථනයෙන් කතාකර ලබාදුන් තොරතුරු මත පදනම්ව අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී එම තොරතුරු ඉදිරිපත් කළ බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

කෙසේ වෙතත් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා මේ සම්බන්ධයෙන් පවතින ඇත්ත තත්ත්වය පිළිබඳව ඊයේ (02) දිනයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කරුණු ඉදිරිපත් කළ බව කී මන්ත්‍රීවරයා, එම කරුණු අධ්‍යනය කිරීමෙන් පසු තමන් ඊට පෙර ප්‍රසිද්ධ කළ තොරතුරුවල අසත්‍යතාවක් පවතින බවට තේරුම් ගත් බවයි පැවසුවේ.

  1. Hello ඔබ කියන හැම දේම අපි අහන්න ඕනෙද? ඔය පට්ටපල් බොරු කියලා මිනිස්සුන්ව රවට්ටන්න එපා. නොදන්නා මගුල් කතා නොකර හිටියා නම් හොදයි නේද? පස්සේ madyata ඇවිල්ලා මට වැරදුනා කියනවා. පිස්සු නැත්නම් හොදයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12