තාවකාලික වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද (03) දිනයේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
ඒ, අනුව ඔහු අද (03) පස්වරු දෙකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
මෙහිදී ඔහුට එල්ල වී ඇති චෝදනාවලට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම සිදු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
මේ අතර නීතීපතිවරයා ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාළ දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය ලබන 09 වනදා ඉදිරිපත් කරන අතර, ඉන් අනතුරුව වාචික සාක්ෂි කැදවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදුකිරීමට නියමිතයි.
මේ අතර එළඹෙන 16 වනදා සිට දිනපතා පෙරවරු 9.30 සිට මෙම පරීක්ෂණ කමිටුව රැස්වීමටයි නියමිතව ඇත්තේ.




