ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම එරට ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් දෙදින නිල සංචාරයක් සදහා ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණියා.
ඔහු සමඟ 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දිවයිනට පැමිණි බවයි දසත නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.
ඔවුන් ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ඒ.එස්.වයි.- 307 දරණ විශේෂ ගුවන් යානයෙන් ඊයේ (02) රාත්‍රී 11.40ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එම පිරිස පිළිගැනීම සඳහා මහජන ආරක්ෂක, පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මෙන්ම ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.
ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස අද (03) දින රාත්‍රීයේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.





