ඩෙංගු රෝගය සහ චිකන්ගුන්යා රෝගය මේ වනවිට වසංගත මට්ටමකට පැමිණ ඇති බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.
අද (30) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී වෛද්‍යවරයා මේ බව සඳහන් කළා.
පවතින වැසි සමයත් සමඟ පැමිණෙන කාලයේ මෙම රෝග දෙකේම පැතිරීම ඉහළ යා හැකි බව සඳහන් කළ වෛද්‍යවරයා මදුරුවන්ගෙන් පැතිරෙන මෙම රෝග තත්ත්ව දෙකම පාලනය කිරීම සඳහා රෝගය පතුරවන මදුරුවාගේ බෝවීම වැළක්වීමට කටයුතු කර බවයි.
මේ අතර චිකන්ගුන්යා රෝගය පිළිබඳව සඳහන් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා පැවසුවේ ගැබ් ගැනීමේ මූලික මට්ටමේ සිටින මවකට චිකන්ගුන්යා රෝගය ආසාදනය වුවහොත් කලලය ගබ්සාවිමේ අවධානමක් පවතින බවයි.
එමෙන්ම දරු ප්‍රසුතියකට සූදානම්වන මවකට චිකන්ගුන්යා රෝගය ආසාදනය වුවහොත් ඇය විසින් ප්‍රසූත කරන නව ජන්මයට ද මෙම රෝගය වැළඳීමේ වැඩි අවධානමක් ද පවතින බව වෛද්‍යවරයා සඳහන් කර සිටියා.
බිළිඳා බිහි වී දින කිහිපයක් ගතවීමෙන් පසු චිකන්ගුන්යා රෝග ලක්ෂණ එම බිළිඳාට ද මතුවිය හැකි බව සඳහන් කළ වෛද්‍යවරයා එය බිළිඳාගේ හදවත, අක්මාව සහ මොළයට බලපෑමක් එල්ල කර හැකි බව ද පැවසුවා.





