ගෙවුණු දිනය තුළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් සැකකරුවන් 492ක් නීතියේ රැහැනට හසුවෙයි

සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කර තිබෙනවා.

ගත වූ දිනය තුළ (මැයි 29) දිවයින පුරා විවිධ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් සැකකරුවන් 492 දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගැනුණා.

හෙ‍රොයින් ළඟ තබා ගත් සැකකරුවන් 148 දෙනෙකු, අයිස් තබා ගත් සැකකරුවන් 173 දෙනෙකු, ගංජා ළඟ තබාගත් සැකකරුවන් 167 දෙනෙකු සහ මාවා නමැති මත්ද්‍රව්‍ය භාවිත කළ සැකකරුවන් සිව්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නෙ.