සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තාක්ෂණ පීඨයේ ජ්‍යේෂ්ඨ සැකකාර සිසුන් දසදෙනා ජුනි මස 12 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණය අද (29) නියෝග කළා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, සැකකරුවන් අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ස්කයිප් තාක්ෂණය ඔස්සේ පෙනී සිටිය බවත් එහිදී මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනවිය අදාළ නියෝගය නිකුත් කළ බවයි.
පසුගියදා එම තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකු සියදිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකාර ජ්‍යේෂ්ඨ සිසුන් හට චෝදනා එල්ල වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
12
+1
+1
+1
+1





