එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ උණුසුම් තත්ත්වයක්

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමයේ අද (28) පැවැත්වීමට ගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී එය ගැටුමක් දක්වා වර්ධනය වීම හේතුවෙන් පොලිසිය ද කැඳවීමට සිදුවීමේ පුවතක් වාර්තා වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ජාතික සේවක සංගමයේ සභාපති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් එය අද පෙරවරුවේ පැවැත්වීමට කටයුතු කෙරුණු බවයි.

එම රැස්වීමට ආරාධනා නොකර පැමිණි පිරිසක් හේතුවෙන් එහිදී උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන එය පාලනය කිරීමට පොලිසිය කැඳවීමට සිදු වුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සභාපති උපුල් වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කර සිටියේ අලුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පත් කර තිබෙන බවත්, ඒ සඳහා පැරණි සාමාජිකයන්ට අවස්ථාවන් නොලැබීම හේතුවෙන් මෙම ගැටුම්කාරී තත්ත්වය ඇති වූ බවත් ඒ හේතුවෙන් පැරණි සාමාජිකයන්ට ද අවස්ථාවක් ලබාදීමට සභාපතිවරයා පසුව තීරණය කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
11
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?