බිම වැටී තිබූ රුපියල් 35000ක මුදල් පසුම්බිය යළිත් හිමිකරුට දුන් පොලිස් නිලධාරියා(වීඩියෝ)

රුපියල් 35000ක මුදල් ප්‍රමාණයක් සමග මාර්ගයේ වැටී තිබූ මුදල් පසුම්බියක් එහි අයිතිකරු වෙත යළිත් භාරදීමේ පුවතක් බෝගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම මුදල් පසුම්බිය කුරුණෑගල – කිරිවවුල ප්‍රදේශයේ මාර්ගයක වැටී තිබෙන අයුරු දැක ඇත්තේ බෝගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙක්.

පසුව ඔහු මුදල් පසුම්බිය ගෙන එය බෝගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිනියට ලබා දී තිබෙනවා.

ඉන් අනතුරුව සිය මුදල් පසුම්බිය, වාහන බලපත්‍රය හා හැඳුනුම්පත අස්ථානගත වී ඇති බවට වන පැමිණිල්ලක් දැමීමට වයස්ගත පුද්ගලයෙකු බෝගමුව පොලිසියට පැමිණ ඇත්තේ ඊයේ (27) පස්වරුවේයි.

එහිදී බෝගමුව පොලිස් ස්ථානාධිපතිවරිය වන පොලිස් පරීක්ෂක දැල්කඳුර මහත්මිය විසින් සිය සේවා ස්ථානයේ නිලධාරී රණතුංග මහතා විසින් මාර්ගයේ වැටී තිබියදී අහුලාගනු ලැබූ රුපියල් 35000ක් ද තිබූ මුදල් පසුම්බිය ඇතුළු අත්‍යවශ්‍ය ලියකියවිලි අදාළ පැමිණිලිකරුට ලබාදීමට කටයුතු කර තිබෙනවා.