හල්ලොලුවට වෙඩි තැබීමට ආ යතුරුපැදියේ පැදිකරු ඇතුළු තුනක් පොලිස් දැලේ

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිකරු ඇතුළු ඊට සහාය දුන් තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (28) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් එම සැකකරුවන් ව අත්අඩංගුවට ගන්නා ලද බවයි වාර්තා වන්නේ.

‍ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ඉලක්ක කර ගනිමින් නාරාහේන්පිට ප්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ ව සිදු කරන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර කෙරුණේ මැයි මස 18 වැනි දිනයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ උපදෙස් මත අදාළ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇති බවයි.

තුසිත හල්ලොලුව මහතා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී නාරාහේන්පිට වටරවුම පාර ප්‍රදේශයේ දී මැයි 17 රාත්‍රියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

මෝටර් රථය පසුපස හඹා ආ යතුරුපැදිකරුවන් දෙදෙනා අහසට වෙඩි තබා ඇති අතර මෝටර් රථය නතර කළ පසු ඉදිරිපස වීදුරුවට ද වෙඩි තබා ඇති බව වාර්තා වනවා.

එම අවස්ථාවේ දී මෝටර් රථය තුළ තුසිත හල්ලොලුව මහතාගේ නීතිඥවරයා සහ රියදුරු ද සිට ඇති අතර වෙඩික්කරුවන් විසින් ඔවුන්ට පහරදීමක් ද සිදුකර ඇති බව සඳහන්.

පහර කෑමෙන් තුවාල ලැබූ තුසිත හල්ලොලුව මහතා සහ ඔහුගේ නීතිඥවරයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෙඩික්කරුවන් විසින් ඒ මහතාගේ මෝටර් රථයේ තිබූ ලිපි ගොනුවක් ද රැගෙන පළාගොස් ඇති බව පොලීසිය පැවසුවා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වූ තුසිත හල්ලොලුව මහතා ජනාධිපතිවරයා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණා.

අදාළ පැමිණිල්ල පිළිබඳව පසුගිය 15 වනදා තුසිත හල්ලොලුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ද ලබාදෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10