මොහු ගැන තොරතුරක් වෙතොත් වහාම දැනුම්දෙන්න – පොලිසිය

මැයි මස 16 වැනි දින යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් සුමිත්‍රාරාම මාවත – කොටහේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී පුද්ගලයෙකුට හා කාන්තාවකට වෙඩි තබා පලා යාමේ සිද්ධියට අදාළ ව කොටහේන පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේ දී වෙඩික්කරුවන්ට පලා යාම සඳහා ආධාර අනුබල ලබා දුන් සැකකරුවෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගැනුණේ මෙවන් පසුබිමකදියි.

එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී වෙඩික්කරුගේ යැයි සැක කෙරෙන සැකකරුගේ ඡායාරූපයක් අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරියෙකු ලවා චිත්‍රණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය ඉල්ලා සිටින්නේ සැකකරු දුටුවහොත් හෝ කිසියම් තොරතුරක් වෙතොත් 071-8591571 (කොටහේන ස්ථානාධිපති) හෝ 074-0253623 ( ස්ථානාධිපති – අපරාධ) යන දූරකථන අංක වෙත දැනුම්දීමට කාරුණික වන ලෙසයි ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?