මැයි මස 16 වැනි දින යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් සුමිත්‍රාරාම මාවත – කොටහේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී පුද්ගලයෙකුට හා කාන්තාවකට වෙඩි තබා පලා යාමේ සිද්ධියට අදාළ ව කොටහේන පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.
මෙම අපරාධය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේ දී වෙඩික්කරුවන්ට පලා යාම සඳහා ආධාර අනුබල ලබා දුන් සැකකරුවෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගැනුණේ මෙවන් පසුබිමකදියි.
එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී වෙඩික්කරුගේ යැයි සැක කෙරෙන සැකකරුගේ ඡායාරූපයක් අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරියෙකු ලවා චිත්‍රණය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය ඉල්ලා සිටින්නේ සැකකරු දුටුවහොත් හෝ කිසියම් තොරතුරක් වෙතොත් 071-8591571 (කොටහේන ස්ථානාධිපති) හෝ 074-0253623 ( ස්ථානාධිපති – අපරාධ) යන දූරකථන අංක වෙත දැනුම්දීමට කාරුණික වන ලෙසයි ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.





