මොහු ගැන දන්නවා නම් පොලිසියට කියන්න

පසුගිය 18 වනදා බ්ලූමැන්ඩල් – සිරිසඳ සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

අපරාධය පිළිබඳව විමර්ශන කරන පොලිසිය අනාවරණය කරගත් කරුණු අනුව වෙඩික්කරුගේ යැයි සැකකරණ සැකකරුගේ රුවක් අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරියෙකු විසින් චිත්‍රයට නඟා ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩික්කරු වයස අවුරුදු 30-35 අතර වයසේ පසුවන උස අඩි 05යි අගල් 09ක් පමණ තලෙළු පැහැ රවුම් හැඩති මුහුණක් සහිත පුද්ගලයෙක් බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ, අනුව පහත ඡායාරූපයේ සිටින සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 071 – 8591571 / 071 – 8596386 / 074 – 0253623 යන දුරකථන වෙත දැනුම් දෙන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

WhatsApp Image 2025 05 27 at 1.24.03 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
9
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?