පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවකට පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් (වීඩියෝ)

පොලිස් නිලධාරියෙකු හා පුද්ගලයෙකු අතර බහින්බස් වීමකින් අනතුරුව එම පුද්ගලයාට පොලිස් නිලධාරියා විසින් පහරදීමක් සිදු කරනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල (මැයි 26) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින අතර ඊට අදාළ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට කුරුණෑගල දිස්ත්‍රික් 1 පොලිස් අධිකාරිවරයා විසින් කටයුතු කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය මෙම පහරදීමේ සිදුවීම මැයි මස 24 වැනි දා රාත්‍රියේ දී ගොකරැල්ල පොලිස් වසමේ ඉබ්බාගමුව – මඩගල්ල මාර්ගයේ දී සිදු ව ඇති බවයි.

අධික වේගයෙන් යතුරුපැදියකින් ආ පුද්ගලයෙකු හා කාන්තාවක් පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට යාමේ දී ඇති වූ බහින්බස් වීමකින් පසුව මෙම පහරදීම සිදු ව තිබෙන බවට අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් 1 පොලිස් අධිකාරිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර වීඩියෝ දර්ශනයට අදාළ පුද්ගලයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයාගේ වැඩ මෙලෙස තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
19
+1
0
+1
8
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34