ජනපති සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර හමුවක් (ඡායාරූප)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පස්වරුවේ පැවැත්වුණා.

රට තුළ මෙන්ම විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අහිමි වී ගිය සංස්කෘතික ජීවිතය නැවත සමීප කරවීම වෙනුවෙන් එළිමහන් ප්‍රසංග පවත්වන කලාකරුවන් සිදුකරන මෙහෙය මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සිය ස්තූතියද පළ කර සිටියා.

ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව ආර්ථික වශයෙන් ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අමතරව ඔවුන්ගේ කටුක ජීවන රටාවට අස්වැසිල්ලක් වෙමින් සංස්කෘතික ජීවිතයක් ලබාදීමේ වැදගත්කම පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක සංස්කෘතික ක්‍රියාකාරකම් තුළින් විනයගරුක පුරවැසියෙක් රට තුළ ගොඩනැගිය හැකි බවත්, එහිදී ප්‍රාසාංගික ක්ෂේත්‍රයේ කලාකරුවන්ට දැඩි වෘත්තිමය සහ සමාජ වගකීමක් පවතින බවත් අවධාරණය කළා.

එමෙන්ම උතුර දකුණ යා කළ හැකි සංස්කෘතික පාලම ගොඩ නැගිය හැක්කේ කලාකරුවන්ට බව පැවසූ ජනාධිපතිවරයා සමස්ත රට පුරා සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීමේ සැබෑ වුවමනාව වත්මන් රජයට තිබෙන බවත්, ඒ සඳහා ලබාදිය හැකි අනුග්‍රහයන් ලබා දෙන බවටත් පොරොන්දු වුණා.

ශ්‍රී ලංකා ප්‍රසංග හා සැණකෙලි සංවිධායකවරු හා සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංසදය, සංගීත කණ්ඩායම් සංසදය, ගායක ගායිකා සංසදය, නිවේදක සංසදය, නර්තන කණ්ඩායම් සංසදය, ශබ්ද පරිපාලකවරුන්ගේ එකමුතුව ඇතුළු එළිමහන් ප්‍රසංග පවත්වන කලාකරුවන් රැසක් මීට එක්ව සිටී අතර, ක්ෂේත්‍රය තුළ කටයුතු කරගෙන යාමේදී ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරුණා.

එම ගැටලුවලට එම අවස්ථාවේදීම ප්‍රමාණවත් විසදුම් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කළ අතර, එය සහභාගී වූ පිරිසගේ පැසසුමට ලක් වුණා.

එමෙන්ම එම ක්‍රියාමාර්ගවල ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය නියෝජනය කරමින් අදහස් දැක්වූ ගායන ශිල්පී රොෂාන් ප්‍රනාන්දු වත්මන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව තුළ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරමින් සිටින බවත්, එහි කොටස්කරුවන්වීමට කලාකරුවන් ලෙස තමන්ද කැමැත්තෙන් පසුවන බවත් පෙන්වා දුන්නා.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර යූසුෆ් හනීෆ්, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04