ජර්මනියේ දුම්රිය ස්ථානයක පිහි ප්‍රහාරයක් – 12ක් රෝහලේ, කතක් අත්අඩංගුවේ

ජර්මනියේ උතුරුදිග හැම්බර්ග් නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයේ ඊයේ (23) සිදු වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සිද්ධියට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි ජර්මානු පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු කාන්තාව 39 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

පිහි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූවන් අතරින් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව හැම්බර්ග් ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ජර්මානු මාධ්‍ය වාර්තා කළේ, වැඩ කරන සතිය අවසානයේ කාර්යබහුල වේලාවක් වූ සවස 6:00 ට පමණ මෙම ප්‍රහාරය සිදුව ඇති බවයි.

දුම්රිය බලාපොරොත්තුවෙන් දුම්රිය වේදිකාවේ සිටි මගීන්ට සැකකාරිය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18