පාර්ලිමේන්තුව ජුනි 03 වනදා රැස්වෙයි – 06 වනදා දක්වා පනත් කෙටුම්පත් කිහිපයක්ම විවාදයට

පාර්ලිමේන්තුව ජුනි 03 වැනි අඟහරුවාදා සිට 06 වැනි සිකුරාදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර පවසනවා.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (23) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී මේ බව තීරණය වී තිබෙනවා.

ඒ අනුව ජුනි 03 වැනි අගහරුවාදා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර ඇත්තේ.

ඉන්පසු පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමටයි වෙන් කර ඇත්තේ.

ජුනි 04 වැනි බදාදා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙ.ව 10.00 – 10.30 අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙනවා.

පෙ.ව. 10.30 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර ඇත්තේ.

ඉන්පසු පෙ.ව 11.30 සිට ප.ව. 12.30 දක්වා ‍අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවෙන් පසු තෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුව ප.ව. 12.30 – ප.ව. 1.00 දිවා විවේකයෙන් පසු ප.ව. 1.00 – ප.ව 5.00 දක්වා අංක 228/43 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද දූෂණ විරෝධී පනත ය‍ටතේ නියෝග විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න සඳහායි කාලය වෙන්කර ඇත්තේ.

මේ අනුව ජුනි 05 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

ඉන්පසු පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

අනතුරුව . ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය විරුද්ධ පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට වෙන්කර ඇත්තේ.

ජුනි 06 වැනි සිකුරාදා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බව සඳහන්.

ඉන්පසු පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා කාලය වෙන් කර ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස්දෙනෙකු සදහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි.

මේ අනුව අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් වන ආර්. සම්බන්ධන්, කෝසල නුවන් ජයවීර, ජේ. ආර්. පී. සූරියප්පෙරුම, මාවෙයි සේනාධිරාජා සහ ඩොනල්ඩ් දිසානායක යන මහත්වරුන් වෙනුවෙන් එදින ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත්කරනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08