විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට කතානායකවරයාගේ සහතිකය

විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (23) සිය සහතිකය සටහන් කළා.

විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට අදාළව අද (23) පැවති දෙවැනි වර කියවීමේ විවාදයෙන් අනතුරුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීම සිදුකරනු ලැබුවා.

ඉන්පසු පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා 2025.05.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කළා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 6 දරණ විදේශ ණය (ඉවත් කිරීමේ) පනත වශයෙන් බලාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?