මහපොළ ශිෂ්‍යාධාර ගෙවීමට නිශ්චිත දිනයක් – නේවාසිකාගාර පහසුකම් ගැනත් දැනුම්දීමක්

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර මුදල ලබාදීමට නිශ්චිත දිනයක් සැකසීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ පෙර රජයන්හි දී ප්‍රමාද වූ මාස ගණනක මහපොළ ශිෂ්‍යාධාර අරමුදල් ද ගෙවීමට වත්මන් රජය කටයුතු කළ බවයි.

එමෙන්ම තවමත් ප්‍රමාදයක් පවතින්නේ නවක විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමට බවත්, එම මුදල් ද කඩිනමින් ගෙවා අවසන් කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

මේ අතර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය කරන නේවාසිකාගාර පහසුකම් වැඩිදියුණු කිරීමට ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග ද සාකච්ඡා පැවැත්වූ බවත්, ඒ පිළිබඳ ව ද ඉදිරියේ දී තවදුරටත් විගණනයක් සිදු කර ඇති බැවින් දරුවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට මැදිහත් වන බව ද හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?