ආසියාවේ පැතිරෙන නව COVID 19 ප්‍රභේදය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාව තුළ නව ‘COVID – 19’ ප්‍රභේදයක් ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව සෞඛ්‍ය ලේකම්වරයා පවසන්නේ, නව වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බවයි.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින් අනිල් ජාසිංහ මහතා මෙම ප්‍රකාශය නිකුත් කර තිබෙනවා.

පසුගිය සති කිහිපයේ දී ආසියානු රටවල් කිහිපයක ‘COVID – 19’ ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළයාමක් පෙන්නුම් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණු බවත්, මෙම රෝගී තත්ත්වයට මුහුණදීමේ හැකියාව අඩුවීම ඇතුළු සාධක කිහිපයක් ඊට හේතු විය හැකි බව සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වාදෙනවා.

එය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික මට්ටමින් සූදානම් වීම සහ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර තීව්‍ර කර ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

COVID – 19 සඳහා සායනික සාම්පල පරීක්ෂා කරනු ලබන ඒකාබද්ධ ශ්වසන ආවේක්ෂණය රට පුරා තෝරාගත් රෝහල්වල අඛණ්ඩව සිදුවෙමින් පවතින බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

එම ආවේක්ෂණයට අනුව දැනට COVID-19 රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් නොකරන බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි වසංගත තත්ත්වයන් කල්තියා හඳුනාගැනීමට අවශ්‍ය රසායනාගාර ආවේක්ෂණ පද්ධතිය ද සක්‍රීයව ක්‍රියාත්මක බව ද නිවේදනයේ දක්වා තිබෙනවා.

කලින් කලට අනෙකුත් ශ්වසන රෝග (උදා: ඉන්ෆ්ලුවෙන්සා) මෙන්ම, COVID-19 රෝගීන්ගේ වැඩිවීමක් ඇතිවිය හැකි බව ද, දැනට සාමාන්‍ය ජනතාවට ඇති අවදානම අඩු මට්ටමක පවතන බව ද එහි සඳහන්.

කෙසේවෙතත් වැඩිහිටියන්, ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයින් වැනි වැඩි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි විශේෂ අවධානයකින් සිටීම වැදගත් බව ද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

නිතර අත්සේදීම, කැස්ස සහ කිවිසුම් යන විට නාසය සහ මුඛ ආවරණය කිරීම ඇතුළු මූලික සනීපාරක්ෂක පිළිවෙත් සහ ශ්වසන ආචාර විධි නිරන්තරයෙන් පවත්වා ගත යුතු බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඇති විය හැකි වසංගත තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝහල් පද්ධතිය ද සූදානම් කර තිබෙන බවත් එහි සඳහන්.

COVID-19 තත්ත්වයේ කාලයත් සමග සිදුවන වෙනස්කම් පිළබඳ සෞඛ්‍ය බලධාරීන් අවධානයෙන් සිටින අතර, ඔවුන් නිල වශයෙන් ලබාදෙන තොරතුරු කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙස ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55