අධිකරණ නියෝග කඩකළ බවට චෝදනා ලද දේශබන්දුගේ නඩුව කල් යයි (වීඩියෝ)

අනිවාර්යය නිවාඩු රාජකාරි යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමට එරෙහිව පනවා ඇති නඩුව ඔක්තෝබර් මස 10 වැනි දින දක්වා කල් තැබීම සිදු වුණා.

ඒ අද (22) දහවල් විත්තිකාර තෙන්නකෝන් මහතා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමත් සමගින්.

එහිදී මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේ, අදාළ නඩුව ඔක්තෝබර් මස 10 වැනි දින පෙරවරු 10ට කැඳවීමේ දිනයක් ලෙස විමර්ශන වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන බවයි.

මේ අතර ඇප ලබා පිටව යාමේ දී අධිකරණ නියෝග කඩකරමින් මෝටර් රථයක් අධිකරණ පරිශ්‍රයට ගැනීම සහ විත්තිකාර තෙන්නකෝන්ව එහි නංවා අධිකරණ භූමියෙන් පිටමං කරගෙන යාමට එරෙහිව චෝදනා ලබා සිටින මෝටර් රථයේ රියදුරු සහ තවත් අයෙක්ට එරෙහි නඩුව ද ඔක්තෝබර් මස 10 වැනිදින දක්වා කල් තැබීම සිදු කෙරුණා.

සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා මුල් අවස්ථාවේ අධිකරණයකට සිදු කරන ලද අපහාසයක් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමේ බලය එම අධිකරණයට නොමැති බැවින්, දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාට දැනුම් දුන්නා.

2023 වසරේ දෙසැම්බර් 31 වැලිගම W15 හෝටලය ආසන්නයේ සිදු වූ වෙඩිතැබීමකදී පොලිස් සැරයන්වරයෙකු මියයාම සම්බන්ධයෙන් දින 22ක් රක්ෂිත බන්ධනාගාරගත කළ ධුරයේ රාජකාරී කිරීම අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව අප්‍රේල් 10 වැනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඇපමත මුදා හැරියා.

එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා සිය පෞද්ගලික මෝටර් රථය අධිකරණ භූමියට ගෙන්වාගෙන ඉන් පිටව ගියේ මෝටර් රථය අධිකරණ පරිශ්‍රයට නොගෙන එන ලෙසට සහ ආරක්ෂකයින් යොදා නොගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා දුන් ඇප කොන්දේසි ද කඩකරමින්.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට අදාළ ඇප කොන්දේසි කඩකිරීම සම්බන්ධයෙන් අප්‍රේල් 25 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කෙරුණා.

ඒ අනුව අංක BR2347/25 යටතේ නඩුවක් ලියාපංදිචි කර තිබුණේ.

ඊට අදාළ නඩු කටයුත්තයි මෙලෙස කල් තැබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58