විපක්ෂය ලුණු ගැන කලබල වුණාට ජනතාව කලබල වෙන්න එපා – හෙට අනිද්දා ලුණු අතටම

රට තුළ ලුණු හිඟයක් ගැන ඇති වූ අර්බුදය මේ වනවිට (මැයි 22) අවසන් කර ඇති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

පසුගියදා ඇති වූ ලුණු හිඟය සමග පිටරටින් ලුණු ආනයනයට වත්මන් රජය ගත් කැබිනට් තීන්දුව සමගින් මේ වනවිට වරාය වෙත ලුණු තොග පැමිණ ඇති බවයි කර්මාන්ත අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කියා සිටියේ.

එබැවින් විපක්ෂය ලුණු ගැන කලබල වන තරමට ජනතාව ලුණු ගැන බිය විය යුතු නැති බවත් ඉදිරි දින කිහිපයේ දී ආනයනික ලුණු තොග වෙළෙඳපොළ වෙත බෙදා හැරීමට කටයුතු කරන බවත් හඳුන්නෙත්ති මහතා සඳහන් කළා.

ලුණු ගැටලුව ගැන තමන් මෙන් ම වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු ආණ්ඩුව ම වගකියන බවයි සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?