මහාධිකරණ විනිසුරුවරියකට කෙටි පණිවිඩ මගින් ලිංගික හිංසන කළ බවට පැවසෙන නීතිඥවරයෙකු අත්අඩංගුවට

මැසෙන්ජර් ඔස්සේ මහාධිකරණ විනිසුරුවරියකව ලිංගික හිංසනයට ලක් වන සේ කෙටි පණිවුඩ යැවු නීතිඥවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හලාවත ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළා.

2022 වසරේ දී අදාළ නීතිඥවරයා විසින් තමා ලිංගික හිංසනයට ලක් වන සේ මැසෙන්ජර් ඔස්සේ කෙටි පණිවුඩ යොමු කළ බවට අදාළ මහාධිකරණ විනිසුරුවරිය විසින් පැමිණිලි කර තිබුණා.

ඒ අනුව පොලීසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කර නීතිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.

එහිදි නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ සැකකරු සිදුකර ඇති ක්‍රියාව ලිංගික අතවර කිරීමේ චෝදනා යටතට ගැනෙන අතර ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කරන ලෙසයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?