බ්‍රිතාන්‍ය කිරීටයෙන් පූර්ණ නිදහස දිනූ ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි

ශ්‍රී ලංකා ජනරජ දිනය අදට (22) යෙදී තිබෙනවා.

යුරෝපීය අධිරාජ්‍යවාදී පාලනයෙන් මිදී ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික, සමාජවාදී දේශපාලනික, ආර්ථික, සමාජීය දෘෂ්ටි කෝණයෙන් සමන්විත ස්වාධීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රකාරව ගොඩනැගීමට පදනම ලැබූ දිනය ලෙසයි මැයි 22 වැනි දින සැලකෙන්නේ.

වර්ෂ 1815 මාර්තු මාසයේ දිනෙක දී උඩරට ගිවිසුමෙන් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් කර ගැනුණු අතර, එතැන් පටන් මෙරට පරමාධිකාරී බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වෙත පැවරුණා.

එනම් ශ්‍රී ලංකාව පාලනය කෙරුණේ ආණ්ඩුකාර හෝ අග්‍රාණ්ඩුකාරවරයෙකුගේ ප්‍රධානත්වයෙන් බැවින් ඔහු ද එංගලන්ත මහ රැජිණගේ නියෝජිතයෙකු වුණා.

මෙරට සිදුවන සියලු ම සිවිල් හා අපරාධ නඩු ද විභාග කෙරුණේ ද බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සිලය තුළයි.

මෙවන් තත්ත්වයක් තුළ දී වර්ෂ 1948 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාවට නිදහස හිමි වුව ද එය පූර්ණ නිදහසක් ලෙස සැලකුණේ නැහැ.

ඊට හේතුව බොහෝ දේශපාලන විචාරකයින් පවසන පරිද්දෙන් දේශපාලනික ව බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවෙන් ඉවත් වුණ ද, අධිකරණ බලය 1972 මැයි 22 තෙක් පැවතියේ බ්‍රිතාන්‍යයේ කිරීටය සතු ව බැවින් වීමයි.

කෙසේවෙතත් බ්‍රිතාන්‍ය විසින් හඳුන්වාදුන් සෝල්බරි සාමිගේ ප්‍රධානත්වයෙන් යුත් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 දින ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරුණා.

ඒ අනුව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ‘ජනරජ දිනය’ ලෙස හැඳින්වෙනවා.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් ද පළමු වරට ඇතුළත් ව තිබීම දැකිය හැකියි.

එය මෙරට ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් ලෙස ද සැලකෙනවා.

සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ප්‍රමුඛ රජය මගින් සම්මත කරගත් ජනරජ ව්‍යවස්ථාව තුළින් ශ්‍රී ලංකාව ජනරජයක් බවට ප්‍රකාශයට පත්කර අදට වසර 53ක් සම්පූර්ණ වනවා.

ඒ අනුව ලොව බිහි වූ පළමු අගමැතිනිය ද ශ්‍රී ලංකාවෙන් 1972 ජනරජයෙන් බිහි වීම ද කැපී පෙනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?