බ්‍රිතාන්‍ය කිරීටයෙන් පූර්ණ නිදහස දිනූ ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි

ශ්‍රී ලංකා ජනරජ දිනය අදට (22) යෙදී තිබෙනවා.

යුරෝපීය අධිරාජ්‍යවාදී පාලනයෙන් මිදී ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික, සමාජවාදී දේශපාලනික, ආර්ථික, සමාජීය දෘෂ්ටි කෝණයෙන් සමන්විත ස්වාධීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රකාරව ගොඩනැගීමට පදනම ලැබූ දිනය ලෙසයි මැයි 22 වැනි දින සැලකෙන්නේ.

වර්ෂ 1815 මාර්තු මාසයේ දිනෙක දී උඩරට ගිවිසුමෙන් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් කර ගැනුණු අතර, එතැන් පටන් මෙරට පරමාධිකාරී බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වෙත පැවරුණා.

එනම් ශ්‍රී ලංකාව පාලනය කෙරුණේ ආණ්ඩුකාර හෝ අග්‍රාණ්ඩුකාරවරයෙකුගේ ප්‍රධානත්වයෙන් බැවින් ඔහු ද එංගලන්ත මහ රැජිණගේ නියෝජිතයෙකු වුණා.

මෙරට සිදුවන සියලු ම සිවිල් හා අපරාධ නඩු ද විභාග කෙරුණේ ද බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සිලය තුළයි.

මෙවන් තත්ත්වයක් තුළ දී වර්ෂ 1948 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාවට නිදහස හිමි වුව ද එය පූර්ණ නිදහසක් ලෙස සැලකුණේ නැහැ.

ඊට හේතුව බොහෝ දේශපාලන විචාරකයින් පවසන පරිද්දෙන් දේශපාලනික ව බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවෙන් ඉවත් වුණ ද, අධිකරණ බලය 1972 මැයි 22 තෙක් පැවතියේ බ්‍රිතාන්‍යයේ කිරීටය සතු ව බැවින් වීමයි.

කෙසේවෙතත් බ්‍රිතාන්‍ය විසින් හඳුන්වාදුන් සෝල්බරි සාමිගේ ප්‍රධානත්වයෙන් යුත් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 දින ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරුණා.

ඒ අනුව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ‘ජනරජ දිනය’ ලෙස හැඳින්වෙනවා.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් ද පළමු වරට ඇතුළත් ව තිබීම දැකිය හැකියි.

එය මෙරට ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් ලෙස ද සැලකෙනවා.

සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ප්‍රමුඛ රජය මගින් සම්මත කරගත් ජනරජ ව්‍යවස්ථාව තුළින් ශ්‍රී ලංකාව ජනරජයක් බවට ප්‍රකාශයට පත්කර අදට වසර 53ක් සම්පූර්ණ වනවා.

ඒ අනුව ලොව බිහි වූ පළමු අගමැතිනිය ද ශ්‍රී ලංකාවෙන් 1972 ජනරජයෙන් බිහි වීම ද කැපී පෙනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32