මාලිමාවේ අදිටන සාමූහිකයේ හිටපු හමුදා සෙබළාට පොල්ලකින් පහර දුන් සජබ අපේක්ෂකයා

මෙවර පළාත් පාලන මැතිවරණයේදී බේරුවල ප්‍රාදේශීය සභාවට මුංහේන කොට්ඨාසයෙන් ජාතික ජන බලවේගයට තරග කළ අපේක්ෂකයෙකුට මෙම හිටපු හමුදා සෙබලා සහයෝගය පලකර තිබෙනවා.
මෙම පහරදීම සිදුකර තිබෙන්නේ සමගි ජන බලවේගයෙන් මෙවර බේරුවල ප්‍රාදේශීය සභාවට තරග කළ සජබ අපේක්ෂකයෙක් බවයි වාර්තා වන්නේ.
මෙම පහරදීම සම්බන්ධයෙන් පයාගල පොලිසිය විසින් පරීක්ෂණ කටයුතු සිදුකරන අතර පහරකෑමට ලක්වූ පුද්ගලයා කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අදාල පහරදීම සිදුකළ සජබ අපේක්ෂකයා පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පහර කෑමට ලක්වූ පුද්ගලයා ප්‍රකාශ කරන්නේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයාගේ මව දේවාලයක් පවත්වාගෙන යන බවත් ඔහු එම දේවාලයට කුලී ගමනක් සඳහා ගිය කාන්තාවන් දෙදෙනෙකු ඇරලවීමට එම නිවසට ගිය බවත් ඉන්පසු එම දේවාලයේ පවත්වාගෙන යන කාන්තාවගේ පුත්‍රයා වන සජබ අපේක්ෂකයා එම අපේක්ෂකයා පරාජය වීමට හේතුව ඔහු බවත් එම නිසා වහාම වත්තෙන් පිටව යන ලෙස ඔහුට බැණ වැදී පොල්ලකින් පහරදී ඇති බවයි.
මෙම පහරදීමෙන් එම පුද්ගලයාගේ ඇසට සහ අතකට තුවාල සිදුව ඇති අතර,අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25