ගල්කිස්සේ වෙඩි තැබීමට අත් උදව් දුන් 28 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට

මැයි 05 වැනි දින ගල්කිස්ස – සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසල දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ඊට ආධාර අනුබල දීමේ චෝදනාවට අද (21) 28 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගැනුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ සැකකාරිය දෙහිවල – ඕබන් ප්‍රදේශයේ දී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද බවයි.

ඇය එම ප්‍රදේශයේ ම පදිංචිකාරිණියක්.

මේ දක්වා මෙම සිදුවීම සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.