ඉන්දීය විදේශ ඇමති ඩෙන්මාර්කයට

නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු ඇමති එස් ජයිශංකර් ඩෙන්මාර්කයට පැමිණ තිබෙනවා.

විදේශ අමාත්‍යවරයා පිළිගත්තේ ඩෙන්මාර්ක් අගමැතිනිය විසින්.

ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී ඩෙන්මාර්කය පෙන්වූ සහයෝගීතාව ජයිශංකර්ගේ ඇගයීමට ලක් වුණා.

ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ගෝලීය අභියෝග සඳහා දෙරටේ කැපවීම පුළුල් කිරීම සම්බන්ධයෙන් අගමැතිනිය සමග පැවති සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරුණු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවා.

ජයිශංකර් කෝපන්හේගන් වෙත පැමිණියේ නෙදර්ලන්තයේ සාර්ථක දෙදින සංචාරයක් නිමා කරමින්.

ඔහු ඉන් අනතුරුව ජර්මනියට පැමිණීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?