බයිඩ්න්ගේ පිළිකා තත්ත්වය ගැන සැක පළ කළ ට්‍රම්ප්ට බයිඩ්න් කඳවුරෙන් ම පිළිතුරක්

ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා ව සිටි සමයේ දී ඔහුගේ පුරස්ථිති ග්‍රන්ථි පිළිකාව ගැන හඳුනාගෙන නොතිබූ බව බයිඩ්න් කාර්‍යාලය නිවේදනය කරනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ, පසුගියදා බයිඩ්න් හට කළ පුරස්ථි ග්‍රන්ථි – විශේෂිත ප්‍රතිදේහජනක පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව වත්මන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.

බයිඩ්න්ගේ PSA රුධිර පරීක්ෂණයක් 2014 වර්ෂයේ දී සිදු කෙරුණ ද, එම වර්ෂයේ දී පුරස්ථිති ග්‍රන්ථි පිළිකා තත්ත්වයක් පිළිබඳ ව කිසිසේත්ම හඳුනාගෙන නොතිබූ බවයි.

වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු විවේචකයින් විසින් රෝග විනිශ්චය සිදු කළ කාලය පිළිබඳව සැක පහළ කිරීමත් සමඟ මැයි මස 20 වැනි දින බයිඩන් කඳවුරේ මෙම ප්‍රකාශය නිකුත් වුණා.

හිටපු ජනාධිපතිවරයා ධුරයේ සිටියදී ඔහුගේ සෞඛ්‍යය පිළිබඳ ව මහජනතාව නොමග යවා තිබේ ද යන ප්‍රශ්නය ට්‍රම්ප් ඇතැම් අවස්ථාවල දී මතු කිරීමක් කළ හෙයින් බයිඩ්න් කඳවුර විසින් අදාළ ප්‍රකාශය නිකුත් කරනු ලැබුවා.

මන්ද, ට්‍රම්ප් බයිඩ්න්ගේ රෝග විනිශ්චය ගැන දැනුම්වත් වීමෙන් පසුව සඳහන් කර ඇත්තේ, “බොහෝ කලකට පෙර මහජනතාවට දැනුම්නොදීම ගැන තමා “පුදුමයට පත් වූ” බව යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?