ටීචර් අම්මාගේ සිද්ධිය මාධ්‍යයට කියූ කටාන OIC ට විනය පරීක්ෂණයක් – තරුණයාටත් ඇප

පසුගියදා රට තුළ ආන්දෝලනාත්මක පුවත් මැවූ පහ වසර ශිෂ්‍යත්ව උපකාර පන්ති පවත්වනු ලබන, හයේෂිකා ප්‍රනාන්දු නමැත්තිය පහර දුන්නේ යැයි කියමින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනුණු තරුණයාව ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

19 හැවිරිදි වියෙහි පසුවුණ සැකකාර තරුණයා අදාළ උපකාරක පන්ති ගුරුවරියගෙන් අඩත්තේට්ටමට ලක් වූ බවට පවසමින් කටාන පොලිසියේ පැමිණිල්ලක් සිදු කර තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා හයේෂිකාගේ ස්වාමිපුරුෂයා සහ ආයතන භාර කළමනාකරු ද පොලිස් අත්අඩංගුවට පත් වුණා.

ඉන්පසුව හයේෂිකා ප්‍රනාන්දු දින කිහිපයකට පසුව නීතිඥවරුන් මාර්ගයෙන් මීගමුව අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී ඇය ඇතුළු සෙසු සැකකරුවන් ව ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

කෙසේවෙතත් චෝදනාවට ලක් වූ ගුරුවරිය විසින් පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරමින් සඳහන් කර ඇත්තේ අදාළ තරුණයා විසින් තම ආයතනයේ සේවය කරනු ලබන නවක සේවිකාවකට අකටයුතුකම් කිරීමට උත්සාහ කළ බවයි.

ඒ අනුව එම තරුණයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනුණා.

කෙසේවෙතත් මෙම තරුණයාව මැයි 17 වැනිදා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි අධිකරණය නියම කෙරුණේ.

නමුත් තරුණායට එරෙහිව එල්ල වී ඇති ලිංගික හිංසන චෝදනාව යටතේ ගොනු කර ඇති නඩුව හෙට (21) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙසට කටාන පොලිසියට, මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබුවා.

තව ද මෙම සිදුවීමේ දී කටාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අනුදැනුමකින් තොරව තොරතුරු මාධ්‍යයට ලබාදීම සහ මෙම සිදුවීමේ දී ස්ථානාධිපතිවරයා ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් ද විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?